ඛුද්දක නිකාය

ථේර ගාථා

2.3.7. නන්දකත්ථේරගාථා

2.3.7. නන්දක තෙරුන්ගේ ගාථා

173. යථාපි භද්දෝ ආජඤ්ඤෝ ඛලිත්වා පතිතිට්ඨති
භිය්‍යෝ ලද්ධාන සංවේගං අදීනෝ වහතේ ධුරං

173. ඒ ශ්‍රේෂ්ඨ වෘෂභයා පය පැකිලී වැටෙන්ට ගියා. ඒ පාර ඌ නැගීසිටියේ ස්ථිරවමයි. බොහෝ සෙයින් ඌට සංවේගය ඉපදුණා. හිතට අරගෙන බර උසුලන්න පටන් ගත්තා.

174. ඒවං දස්සනසම්පන්නං සම්මාසම්බුද්ධසාවකං
ආජානීයං මං ධාරේථ පුත්තං බුද්ධස්ස ඕරසන්ති

174. මා ගැන සලකන්ට ඕනෙ අන්න ඒ විදිහටයි. සම්බුදු සමිඳුන්ගේ ආර්ය දර්ශනය ඇති කරගත්තු මං දැන් බුදුසමිඳුන්ගේ ළයෙහි උපන් දරුවෙක්.

ඉත්ථං සුදං ආයස්මා නන්දකෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් නන්දක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-3-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M