ඛුද්දක නිකාය

ථේර ගාථා

2.3.5. වීතසෝකත්ථේරගාථා

2.3.5. වීතසෝක තෙරුන්ගේ ගාථා

169. කේසේ මේ ඕලිඛිස්ස’න්ති කප්පකෝ උපසංකමි
තතෝ ආදාසමාදාය සරීරං පච්චවෙක්ඛිසං

169. බාබර් උන්නැහේ එදා මා ළඟට පැමිණුනේ මගේ කෙස් කපන්ටයි. ඒ වෙලාවෙ කන්නාඩිය අතට අරන් මං මගේ ශරීරය දිහා බැලුවා.

170. තුච්ඡෝ කායෝ අදිස්සිත්ථ අන්ධකාරෝ තමෝ ව්‍යගා
සබ්බේ චෝළා සමුච්ඡින්නා නත්ථි දානි පුනබ්භවෝ’ති.

170. මට මේ ශරීරය පෙනුණේ තුච්ඡ දෙයක් විදිහට. දැන් මගේ අවිද්‍යාව අන්ධකාරය දුරු වුණා. වැරහැලි ඔක්කොම ඉරලා දැම්මා. ආයෙත් නම් මට පුනර්භවයක් නැහැ.

ඉත්ථං සුදං ආයස්මා වීතසෝකෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථාති.

මෙය වනාහී ආයුෂ්මත් වීතසෝක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-3-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M