ඛුද්දක නිකාය

ථේර ගාථා

2.3.4. වල්ලියත්ථේරගාථා

2.3.4. වල්ලිය තෙරුන්ගේ ගාථා

167. යං කිච්චං දළ්හවිරියේන යං කිච්චං බොද්ධුමිච්ඡතා
කරිස්සං නාවරුජ්ඣිස්සං පස්ස විරියං පරක්කමං

167. ඒ උතුම් ධර්මය අවබෝධ කරගන්ට යම් දෙයක් කරන්ට තිබෙනවා නම් කොයිතරම් වීරියකින් හරි මම ඒක කරනවා. වලකා ගන්නේ නෑ. දැඩි පරාක්‍රමයකින් යුතු ඒ වීරිය දෙස බලන්න.

168. ත්වං ච මේ මග්ගමක්ඛාහි අඤ්ජසං අමතෝගධං
අහං මෝනේන මෝනිස්සං ගංගාසෝතෝ’ව සාගරන්ති

168. ඔබ වහන්සේ මටත් කියාදෙන්ට, අමා නිවන් දකින ඒ උතුම් මාවත ගැන. ගංගාවේ ජල කඳ වේගයෙන් ගලාගෙන ගිහින් මුහුදට වැටෙනවා වගේ මාත් ඒ මුනි මාවතෙන් ඒ මුනි ධර්මය වූ නිවන කරාම යනවා.

ඉත්ථං සුදං ආයස්මා වල්ලියෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් වල්ලිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-3-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M