ඛුද්දක නිකාය

ථේර ගාථා

2.3.3. සෝභිතත්ථේරගාථා

2.3.3. සෝභිත තෙරුන්ගේ ගාථා

165. සතිමා පඤ්ඤවා භික්ඛු ආරද්ධබලවීරියෝ
පඤ්චකප්පසතානාහං ඒකරත්තිං අනුස්සරිං

165. මම හොඳට සිහිය තියෙන නුවණ තියෙන වීරියවන්ත භික්ෂුවක්. මට පුළුවන් එක රාත්‍රියක් සිහි කරනවා වගේ කල්ප පන්සියක් ආපස්සට සිහිකරන්ට.

166. චත්තාරෝ සතිපට්ඨානේ සත්ත අට්ඨ ච භාවයං
පඤ්චකප්පසතානාහං ඒකරත්තිං අනුස්සරින්ති

166. මා සතර සතිපට්ඨානය වැඩුවා. බොජ්ඣංග ධර්ම හතක් වැඩුවා. ඒ නිසාමයි එක රාත්‍රියක් සිහි කරනවා වගේ කල්ප පන්සියයක් ආපස්සට සිහි කරන්නට මට පුළුවන් වුණේ.

ඉත්ථං සුදං ආයස්මා සෝභිතෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සෝභිත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-3-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M