ඛුද්දක නිකාය

ථේර ගාථා

2.3.1. උත්තරත්ථේරගාථා

2.3.1. උත්තර තෙරුන්ගේ ගාථා

161. ඛන්ධා මයා පරිඤ්ඤාතා තණ්හා මේ සුසමූහතා
භාවිතා මම බොජ්ඣංගා පත්තෝ මේ ආසවක්ඛයෝ

161. පංච උපාදානස්කන්ධ දුක මා සම්පූර්ණයෙන් ම අවබෝධ කරගත්තා. තණ්හාව මුලින්ම උදුරා දැම්මා. බොජ්ඣංග ධර්මයන් මා තුළ දියුණු කරගත්තා. අරහත්වයට පත්වුණා.

162. සෝහං ඛන්ධේ පරිඤ්ඤාය අබ්බූහිත්වාන ජාලිනිං
භාවයිත්වාන බොජ්ඣංගේ නිබ්බායිස්සං අනාසවෝ’ති.

162. ඒ මම උපාදානස්කන්ධ දුක සම්පූර්ණයෙන්ම අවබෝධ කළ නිසා, තෘෂ්ණාව නම් වූ දැළ උදුරා දැමූ නිසා, බොජ්ඣංග ධර්මයන් දියුණු කරගත්ත නිසා මට නිකෙලෙස් සිතෙන් පිරිනිවන් පාන්නට පුළුවනි.

ඉත්ථං සුදං ආයස්මා උත්තරෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් උත්තර නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-3-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M