ඛුද්දක නිකාය

ථේර ගාථා

2.2.9. නන්දත්ථේරගාථා

2.2.9. නන්ද තෙරුන්ගේ ගාථා

157. අයෝනිසෝ මනසිකාරා මණ්ඩනං අනුයුඤ්ජිසං
උද්ධතෝ චපලෝ චාසිං කාමරාගේන අට්ටිතෝ

157. ඒ දවස්වල මා හිතුවේ වැරදි විදිහටමයි. ශරීරය සැරසීම ලොකු දෙයක් හැටියටයි හිතාගෙන හිටියේ. කාමරාගයෙන් ඇතිවෙච්ච පීඩාව නිසා හිත සන්සුන්ව තිබුනෙ නෑ. චපල හිතින් ගත කළේ.

158. උපායකුසලේනාහං බුද්ධේනාදිච්චබන්ධුනා
යෝනිසෝ පටිපජ්ජිත්වා භවේ චිත්තං උදබ්බහින්ති

158. එහෙත් සූරියවංශයේ උපන් බුදු සමිඳාණන් උපායශීලී බවෙන් අතිශයින් ම දක්ෂයි. උන්වහන්සේ නිසා මා නුවණින් මෙනෙහි කරන්ට පටන් ගත්තා. ප්‍රතිපත්තියෙහි පිහිටියා. භවයෙහි ගිලුණ සිත මුදවා ගත්තා. නිවනෙහි නගා සිටුවා ගත්තා.

ඉත්ථං සුදං ආයස්මා නන්දෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් නන්ද නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M