☰
155. ඒ වනයට කියන්නේ ‘පාචීනවංශ’ කියලා. එහේ ඉන්නවා. ශාක්‍යපුත්‍ර වූ යහළු භික්ෂු පිරිසක්. මහත් සැප සම්පත් අත්හැරලයි සසුන් ගත වුණේ. පිණ්ඩපාතෙන් ලැබෙන දෙයක් වළඳලා හරි කැමැත්තෙනුයි ඒ භික්ෂු පිරිස මේ ශාසනයේ වසන්නේ.
156. ඒ භික්ෂුව හරිම වීරියවන්තයි. දිවි දෙවැනි කොට ධර්මයේ හැසිරෙනවා. පුදුම වීරියක් තියෙන්නේ. ලෞකික ආශ්වාදය අත්හැරලා ධර්මාශ්වාදයෙන් තමයි කල් ගෙවන්නේ.
මෙය වනාහී ආයුෂ්මත් කිම්බිල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-2-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M