ඛුද්දක නිකාය

ථේර ගාථා

2.2.7. තිස්සත්ථේරගාථා

2.2.7. තිස්ස තෙරුන්ගේ ගාථා

153. බහූ සපත්තේ ලභති මුණ්ඩෝ සංඝාටිපාරුතෝ
ලාභී අන්නස්ස පානස්ස වත්ථස්ස සයනස්ස ච

153. හිස මුඩුකර ගෙන දෙපට සිවුරක් පොරවා ගෙන ඉන්න භික්ෂුවට බොහෝ දානය, සිවුරු, ආවාස ආදිය ලැබුණොත් ඒවත් එක්කම සතුරොත් ලැබෙනවා.

154. ඒතමාදීනවං ඤත්වා සක්කාරේසු මහබ්භයං
අප්පලාභෝ නවස්සුතෝ සතෝ භික්ඛු පරිබ්බජේ’ති.

154. ඉතින් මේ ආදීනව දකින භික්ෂුව නම් ලාභ සත්කාර ගැන බිය උපදවා ගන්නවා. ටිකක් ලැබුණාම ඇති. එතකොට කෙලෙස් වගුරවන්නේ නැතිව, සිහි නුවණින් ජීවත් වෙන්ට පුළුවන්.

ඉත්ථං සුදං ආයස්මා තිස්සෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් තිස්ස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M