ඛුද්දක නිකාය

ථේර ගාථා

2.2.6. මහාකාළත්ථේරගාථා

2.2.6. මහාකාළ තෙරුන්ගේ ගාථා

151. කාළි ඉත්ථි බ්‍රහතී ධංකරූපා
සත්ථිං ච භෙත්වා අපරං ච සත්ථිං
බාහං ච භෙත්වා අපරං ච බාහුං
සීසං ච භෙත්වා දධිථාලකං ව
ඒසා නිසින්නා අභිසද්දහිත්වා

151. ඇගේ නම කාලි. ඒ තරුබරු සිරුර කපුටෙකුගේ පාටින් යුක්තයි. ඇගේ මළසිරුරේ කලවා දෙකත් එකට ගැලපිලා තිබුණා. ඒ මැරුණ අත් දෙකත් එකට ගැලපිලා තිබුණා. මැරුණ හිස කිරි හට්ටියක් වගේ.

152. යෝ වේ අවිද්වා උපධිං කරෝති
පුනප්පුනං දුක්ඛමුපේති මන්දෝ
තස්මා පජානං උපධිං න කයිරා
මාහුං පුන භින්නසිරෝ සයිස්සන්ති

152. ඇත්තෙන් ම අවිද්‍යාවෙන් යුක්ත කෙනෙක්මයි මේකට ආශා කරන්නේ. ඒ අඥානයාට ආයෙමත් මේ දුකට පැමිණෙන්ට සිදුවෙනවා. මේක තේරුම් ගන්න කෙනා මේ ගැන ආශාවක් නම් ඇති කරගන්නේ නෑ. මට මේ මැරුණ හිසින් යුතුව මේ විදිහට නිදන්ට ආයෙමත් නොලැබේවා!

ඉත්ථං සුදං ආයස්මා මහාකාළෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මහාකාළ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-2-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M