☰
147. මහ මුහුදේ වැටුණ කෙනෙක් පුංචි දර කැබැල්ලකට නැගගත්තොත් සිදුවන්නේ එයාව ගිලෙන එක. ගුණධර්මයේ හැසිරෙන්ට කම්මැලි කෙනා වෙත යහපත් කෙනෙක් ආවත් එයාට සිදුවන්නෙත් සංසාරෙ ගිලෙන එක. එනිසා හීන වීරිය ඇති, කම්මැලි උදවිය ඇසුරින් ඈත් කිරීමයි කළ යුත්තේ.
148. හුදෙකලාව බණ භාවනාවෙහි යෙදෙන, දිවි දෙවෙනි කොට ධර්මයේ හැසිරෙන, ධ්‍යාන වඩන, ඉතා හොඳින් වීරිය පවත්වන, නුවණැති ආර්යයන් වහන්සේලාමයි ඇසුරු කළ යුත්තේ.
මෙය වනාහී ආයුෂ්මත් සෝමමිත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-2-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M