ඛුද්දක නිකාය

ථේර ගාථා

2.2.2. ජෝතිදාසත්ථේරගාථා

2.2.2. ජෝතිදාස තෙරුන්ගේ ගාථා

143. යේ ඛෝ තේ වේඝමිස්සේන නානත්ථේන ච කම්මුනා
මනුස්සේ උපරුන්ධන්ති ඵරුසූපක්කමා ජනා
තේපි තත්ථේව කීරන්ති නහි කම්මං පනස්සති

143. ඔළුවට පහර දීලා, නොයෙක් විදිහට වද දීලා, මහා දරුණු විදිහට වද දීලා මිනිසුන්ව මරණ උදවිය ඉන්නවා. හැබැයි ඒ ගොල්ලන්වමයි, ඒ දුක්වලට ආයෙත් ඇද වැටෙන්නෙ. කර්මය නම් විපාක නොදී නැති වෙන්නෙ නෑ.

144. යං කරෝති නරෝ කම්මං කල්‍යාණං යදි පාපකං
තස්ස තස්සේව දායාදෝ යං යං කම්මං පකුබ්බතී’ති.

144. ඉතින් මනුස්සයෙක් හොඳ කර්මයක් හෝ පාප කර්මයක් හෝ කරන කොට ඒ ඒ විදිහටයි කර්ම රැස් වෙන්නෙ. ඒ ඒ කර්ම තමයි එයාට දෑවැද්ද වශයෙන් තියෙන්නෙ.

ඉත්ථං සුදං ආයස්මා ජෝතිදාසෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ජෝතිදාස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-2-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M