ඛුද්දක නිකාය

ථේර ගාථා

2.2.1. මහාචුන්දත්ථේරගාථා

2.2.1. මහාචුන්ද තෙරුන්ගේ ගාථා

141. සුස්සූසා සුතවද්ධනී සුතං පඤ්ඤාය වද්ධනං
පඤ්ඤාය අත්ථං ජානාති ඤාතෝ අත්ථෝ සුඛාවහෝ

141. බණ අහන්ට කැමති කෙනා තුළ ධර්ම ඤාණය වැඩෙනවා. අන්න ඒ ධර්ම ඤාණය තුළින් තමයි ඔහුගේ ප්‍රඥාව වැඩෙන්නෙ. යථාර්ථය අවබෝධ කරගන්ට ඒ ප්‍රඥාවෙන් පුළුවන්. යථාර්ථය අවබෝධ කළා ම තමයි සැප ලැබෙන්නෙ.

142. සේවේථ පන්තානි සේනාසනානි
චරෙය්‍ය සංයෝජන විප්පමොක්ඛං
සචේ රතිං නාධිගච්ඡෙය්‍ය තත්ථ
සංඝේ වසේ රක්ඛිතත්තෝ සතීමා’ති.

142. දුර ඈත වන සෙනසුන්වල ඉන්න ඕන. ධර්මයේ හැසිරෙන්ට ඕන සංසාර බන්ධනයෙන් නිදහස් වෙන්ට හිතාගෙන ම යි. නමුත් ඈත වනයේ වාසය කරන්ට අකමැති නම්, එයා තමාගේ ඉඳුරන් හොඳින් රැකගෙන, හොඳින් සිහිය පිහිටුවා ගෙන, උතුම් ස්වාමීන් වහන්සේලා සෙවණේ වාසය කරන්නට ඕනෙ.

ඉත්ථං සුදං ආයස්මා මහාචුන්දෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මහාචුන්ද නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-2-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M