ඛුද්දක නිකාය

ථේර ගාථා

2.1.9. ගෝතමත්ථේරගාථා

2.1.9. ගෝතම තෙරුන්ගේ ගාථා

137. සුඛං සුපන්ති මුනයෝ යේ ඉත්ථීසු න බජ්ඣරේ
සදා වේ රක්ඛිතබ්බාසු යාසු සච්චං සුදුල්ලභං

137. මුනිවරු කියල කියන්නෙ සනීපෙට නින්ද යන පිරිසක්. මුනිවරුන්ගේ සිත් තුළ ස්ත්‍රීන් පිළිබඳ බැඳීමක් නෑ. ඒ නිසා ම යි සනීපෙට නින්ද යන්නෙ. ඇත්තෙන් ම හැම තිස්සෙ ම ආරක්ෂා කරගත යුතු මේ කාන්තාවන් තුළ නම් ‘ඇත්ත කීම’ හරි දුර්ලභයි.

138. වධං චරිම්හ තේ කාම අනණා දානි තේ මයං
ගච්ඡාම දානි නිබ්බානං යත්ථ ගන්ත්වා න සෝචතී’ති.

138. ඒයි කාමාශාව, අපි ඔබව වනසා අවසානයි. දැන් අපි ඔබට ණය ගති නෑ. යම් තැනකට ගිහින් ශෝක නැතිව ඉන්න පුළුවන් නම් අන්න ඒ උතුම් නිවන කරා තමයි අපි යන්නෙ.

ඉත්ථං සුදං ආයස්මා ගෝතමෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ගෝතම නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M