ඛුද්දක නිකාය

ථේර ගාථා

2.1.8. සුරාධත්ථේරගාථා

2.1.8. සුරාධ තෙරුන්ගේ ගාථා

135. ඛීණා හි මය්හං ජාති වුසිතං ජිනසාසනං
පහීනෝ ජාලසංඛාතෝ භවනෙත්ති සමූහතා

135. මගේ ඉපදීම අවසන් වුණා. බුදු සසුනේ නිවන් මග සම්පූර්ණ කරගත්තා. දෑස් අඳුරු කරන දැලක් වගේ තියෙන අවිද්‍යාව නැති කරල දැම්මා. භවය ගැට ගසන තෘෂ්ණාව මුලින් ම උදුරල දැම්මා.

136. යස්සත්ථාය පබ්බජිතෝ අගාරස්මානගාරියං
සෝ මේ අත්ථෝ අනුප්පත්තෝ සබ්බසංයෝජනක්ඛයෝ’ති.

136. ගිහි ගෙය අත්හැර දමල මේ බුද්ධ ශාසනයේ මං පැවිදි වුණේ අර්ථයක් ඇතිව. අන්න ඒ උතුම් ජීවිතාර්ථය මා ලබා ගත්තා. හැම බන්ධනයක් ම නැති කරල දැම්මා.

ඉත්ථං සුදං ආයස්මා සුරාධෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සුරාධ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-1-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M