ඛුද්දක නිකාය

ථේර ගාථා

2.1.7. රාධත්ථේරගාථා

2.1.7. රාධ තෙරුන්ගේ ගාථා

133. යථා අගාරං දුච්ඡන්නං වුට්ඨී සමතිවිජ්ඣති
ඒවං අභාවිතං චිත්තං රාගෝ සමතිවිජ්ඣති

133. ගේ හොඳට සෙවිළි කර නොගත්තොත් වැස්ස වසිද්දී වහළය සිදුරු කරගෙන වතුර වැටෙනවා. සමථ – විදර්ශනා වශයෙන් සිත නොවැඩුවොත් සිත සිදුරු කරගෙන රාගය ඇතුල් වෙනවා.

134. යථා අගාරං සුච්ඡන්නං වුට්ඨී න සමතිවිජ්ඣති
ඒවං සුභාවිතං චිත්තං රාගෝ න සමතිවිජ්ඣතී’ති.

134. ගේ හොඳට සෙවිලි කර ගත්තොත් වැස්ස වසිද්දී වහළය සිදුරු කරගෙන වතුර වැටෙන්නෙ නෑ. අන්න ඒ වගේ ම යි සමථ – විදර්ශනා වශයෙන් දියුණු කරන ලද සිත. ඒ සිත සිදුරු කරගෙන රාගයට ඇතුළු වෙන්න බෑ.

ඉත්ථං සුදං ආයස්මා රාධෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් රාධ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M