ඛුද්දක නිකාය

ථේර ගාථා

2.1.6. මේලජිනත්ථේරගාථා

2.1.6. මේලජින තෙරුන්ගේ ගාථා

131. යදාහං ධම්මමස්සෝසිං භාසමානස්ස සත්ථුනෝ
න කංඛමභිජානාමි සබ්බඤ්ඤූ අපරාජිතේ

131. ශාස්තෘන් වහන්සේ විසින් මේ ශ්‍රී සද්ධර්මය දේශනා කරද්දී මට අහන්ට ලැබුණේ යම් දවසක ද, එදා ඉඳල ඒ අපරාජිත මුනිඳුන් වන සර්වඥයන් වහන්සේ පිළිබඳ මා තුළ සැකයක් ඇති වූ බවත් මා දන්නෙ නෑ.

132. සත්ථවාහේ මහාවීරේ සාරථීනං වරුත්තමේ
මග්ගේ පටිපදායං වා කංඛා මය්හං න විජ්ජතී’ති.

132. උන්වහන්සේ වනාහී සසර කතරින් ලෝ සතුන් එතෙර කරවන මහා ගැල්කරුවාණන්. ඒ මහාවීර වූ පුරිසදම්මසාරථීන් අතර අති උතුම් වූ බුදු සමිඳාණන් පිළිබඳව හෝ මේ උතුම් නිවන් මග පිළිබඳව හෝ මා තුළ කිසියම් සැකයක් නෑ.

ඉත්ථං සුදං ආයස්මා මේලජිනෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මේලජින නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-1-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M