ඛුද්දක නිකාය

ථේර ගාථා

2.1.5. අජිනත්ථේරගාථා

2.1.5. අජින තෙරුන්ගේ ගාථා

129. අපි චේ හෝති තේවිජ්ජෝ මච්චුහායී අනාසවෝ
අප්පඤ්ඤාතෝති නං බාලා අවජානන්ති අජානතා

129. යමෙකුට පුළුවන් වුණොත් ත්‍රිවිද්‍යාව ලබාගන්ට, ඒ කෙනා මරණය නැති කරල කෙලෙස් ප්‍රහීණ කරල දාපු කෙනෙක්. මේ කාරණය දන්නෙ නැති මෝඩ මිනිස්සු ඒ උතුමන් ප්‍රසිද්ධ නැතැ’යි කියලා නින්දා කරනවා.

130. යෝ ච ඛෝ අන්නපානස්ස ලාභී හෝතීධ පුග්ගලෝ
පාපධම්මෝපි චේ හෝති සෝ නේසං හෝති සක්කතෝ’ති.

130. එහෙත් කාට හරි හොඳ රසට කෑම බීම ලැබෙනවා නම්, එයා කොයිතරම් පව්කාර ජීවිතයක් ගෙව්වත් මෝඩ ජනතාවට ඔහුව පෙනෙන්නෙ සත්කාර කළ යුතු කෙනෙක් හැටියට යි.

ඉත්ථං සුදං ආයස්මා අජිනෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් අජින නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M