ඛුද්දක නිකාය

ථේර ගාථා

2.1.4. ගංගාතීරියත්ථේරගාථා

2.1.4. ගංගාතීරිය තෙරුන්ගේ ගාථා

127. තිණ්ණං මේ තාලපත්තානං ගංගාතීරේ කුටී කතා
ඡවසිත්තෝව මේ පත්තෝ පංසුකූලං ච චීවරං

127. මං ඉන්නේ ගං ඉවුරක. එහි මගේ කුටිය හදලා තියෙන්නෙ තල් කොළ තුනකින්. මගේ පාත්‍රයත් මළමිනීවලට පැන් ඉහින භාජනයක් වගේ. මං පොරවන්නෙත් පාංශුකූල සිවුරක්.

128. ද්වින්නං අන්තරවස්සානං ඒකා වාචා මේ භාසිතා
තතියේ අන්තරවස්සම්හි තමොක්ඛන්ධෝ පදාලිතෝ

128. අවුරුදු දෙකට ම මා කතා කළේ එක ම වචනය යි. මහණ වෙලා තුන්වන අවුරුද්දෙ දී අවිද්‍යා අන්ධකාරය සුණු විසුණු කරල දැම්මා.

ඉත්ථං සුදං ආයස්මා ගංගාතීරියෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ගංගාතීරිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M