ඛුද්දක නිකාය

ථේර ගාථා

2.1.3. වල්ලියත්ථේරගාථා

2.1.3. වල්ලිය තෙරුන්ගේ ගාථා

125. මක්කටෝ පඤ්චද්වාරයං කුටිකායං පසක්කිය
ද්වාරේන අනුපරියේති ඝට්ටයන්තෝ මුහුං මුහුං

125. දොර කවුළු පහක් ඇති කුටියක් තියෙනවා. ඒක ඇතුලෙ වඳුරෙකුත් ඉන්නවා. ඉතින් මේ වඳුරා වරින් වර ඒ ඒ දොරින් එහාට මෙහාට එබිකම් කර කර බාහිර ලෝකෙත් එක්ක එකතු වෙනවා.

126. තිට්ඨ මක්කට මා ධාවී න හි තේ තං යථා පුරේ
නිග්ගහීතෝසි පඤ්ඤාය නේව දුරං ගමිස්සසී’ති.

126. ඒයි වඳුරා, ඔහොම නැවතියන්. දුවන්න ලෑස්තිවෙන්න එපා! දැන් නුඹේ කුටිය ඉස්සර වගේ නෙවෙයි. ඉඳුරන් දමනය කරගෙන විදර්ශනා ප්‍රඥාවෙන් නුඹට නිග්‍රහ කරල තියෙන්නෙ. ආයෙත් නම් මේ සංසාර ගමන නුඹට යන්න බෑ.

ඉත්ථං සුදං ආයස්මා වල්ලියෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් වල්ලිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-1-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M