ඛුද්දක නිකාය

ථේර ගාථා

2.1.2. පිණ්ඩෝලභාරද්වාජත්ථේරගාථා

2.1.2. පිණ්ඩෝල භාරද්වාජ තෙරුන්ගේ ගාථා

123. නයිදං අනයේන ජීවිතං නාහාරෝ හදයස්ස සන්තිකෝ
ආහාරට්ඨිථිකෝ සමුස්සයෝ ඉති දිස්වාන චරාමි ඒසනං

123. ආහාර නැති වුණොත් ජීවිතේ පවතින්නෙ නෑ. නමුත් ආහාරවලින් හිතේ සැනසිල්ල නම් උදාකරන්නෙ නෑ. ආහාරයෙන් කරන්නේ ශරීරයේ පැවැත්මට උදව් දීම විතරයි. මේ කාරණේ තේරුම් අරගෙන ම යි මා පිණ්ඩපාතෙ වඩින්නෙ.

124. පංකෝති හි නං පවේදයුං යායං වන්දනපූජනා කුලේසු
සුඛුමං සබ්බං දුරුල්ලභං සක්කාරෝ කාපුරිසේන දුජ්ජහෝ’ති.

124. මේ සමාජයෙන් ලැබෙන වැඳුම් පිදුම් ගැන බුද්ධාදී උතුමන් දැනගෙන සිටියේ මඩ ගොඩක් හැටියටයි. එයට තිබෙන ඇලීම වනාහී උදුරා දමන්නට දුෂ්කර වූ සූක්ෂම යකඩ හුලක් වගේ. අසත්පුරුෂයාට මේ ලාභ සත්කාර නම් අත්හරින්ට බෑ.

ඉත්ථං සුදං ආයස්මා පිණ්ඩෝලභාරද්වාජෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් පිණ්ඩෝල භාරද්වාජ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-1-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M