ඛුද්දක නිකාය

ථේර ගාථා

2.1.1. උත්තරත්ථේරගාථා

2.1.1. උත්තර තෙරුන්ගේ ගාථා

121. නත්ථි කෝචි භවෝ නිච්චෝ සංඛාරා වා පි සස්සතා
උප්පජ්ජන්ති ච තේ ඛන්ධා චවන්ති අපරාපරං

121. කිසිම භවයක් නිත්‍ය නෑ. කිසිම සංස්කාරයක් සදාකාලික නෑ. මතු මත්තෙහිත් ඔබේ ඔය පංච උපාදානස්කන්ධත් උපදිනු ඇත. චුත වී යනු ඇත.

122. ඒතමාදීනවං ඤත්වා භවේනම්හි අනත්ථිකෝ
නිස්සටෝ සබ්බකාමේහි පත්තෝ මේ ආසවක්ඛයෝ’ති.

122. මේ ආදීනවය මං අවබෝධ කර ගත්තා. භවයකට අයිති කිසිම දෙයක් මට නම් වැඩක් නෑ. මා සියලු කාමයන්ගෙනුත් වෙන් වුණා. ආසවක්ඛය ඤාණය නම් වූ අරහත්වය ලබාගන්ට මටත් පුළුවන් වුණා.

ඉත්ථං සුදං ආයස්මා උත්තරෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් උත්තර නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන් ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_2-1-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M