ඛුද්දක නිකාය

ථේර ගාථා

10.1.5. කප්පත්ථේරගාථා

10.1.5. කප්ප තෙරුන්ගේ ගාථා

567. නානාකුණපසම්පුණ්ණෝ මහාඋක්කාරසම්භවෝ
චන්දනිකං ව පරිපක්කං මහාගණ්ඩෝ මහාවණෝ

567. නොයෙක් අශූචි පිරුණු වැසිකිළි වලක් වගේ, පරණ වෙච්ච ගවර වළක් වගේ, ලොකු තුවාලයක් වගේ, විශාල සැරව ගෙඩියක් වගේ, ගර්භාෂයකින් ඉපදුණා.

568. පුබ්බරුහිරසම්පුණ්ණෝ ගූථකූපේන ගාළ්හිතෝ
ආපෝ පග්ඝරණෝ කායෝ සදා සන්දති පූතිකං

568. ලේ සැරව පිරුණ, අශූචිවලින් බර වෙච්ච, හැම තිස්සෙම අපවිත්‍ර දේම වැගිරෙන මේ ශරීරයෙන් නිතරම කුණු වතුර වැක්කෙරෙනවා.

569. සට්ඨිකණ්ඩරසම්බන්ධෝ මංසලේපනලේපිතෝ
චම්මකඤ්චුකසන්නද්ධෝ පූතිකායෝ නිරත්ථකෝ

569. ලොකු නහර වැල් හැටකින් විතර බැඳිලා, මස් වැදලිවලින් ඔතලා හම කියන ඇඳුමෙන් වහල තියෙන මේ ශරීරය නම් වැඩකට නැති එකක්.

570. අට්ඨිසංඝාටඝටිතෝ නහාරු සුත්තනිබන්ධනෝ
නේකේසං සංඝතිභාවා කප්පේති ඉරියාපථං

570. ඇටවලට නහර වැල් නමැති නූල් බැඳලා තිබෙන මේ ශරීරය කුණප කොටස්ම එකතුවෙලා තමයි ඔය ඉරියව් පවත්වන්නෙ.

571. ධුවප්පයාතෝ මරණස්ස මච්චුරාජස්ස සන්තිකේ
ඉධේව ඡඩ්ඩයිත්වාන යේන කාමංගමෝ නරෝ

571. ස්ථිර වශයෙන්ම මරණය කරා යන මේ ශරීරය තිබෙන්නෙ මරණය ළඟමයි. අන්තිමේදී ශරීරය මෙහි අතහැරලා කොහේ හරි යනවා.

572. අවිජ්ජාය නිවුතෝ කායෝ චතුගන්ථේන ගත්ථිතෝ
ඕඝසංසිදනෝ කායෝ අනුසයජාලමොත්ථතෝ

572. අවිද්‍යාව නිසා මේ ශරීරයේ ඇත්ත වැහිලයි තියෙන්නෙ. කෙලෙස් ගැට ගැහිලා බැඳිලා තියෙන්නෙ. කෙලෙස් සැඩ පහරේ ගහගෙන යන්නෙ. සැඟවිලා ඉන්න කෙලෙස්වල දැලට හසුවෙලා තියෙන්නෙ.

573. පඤ්චනීවරණේ යුත්තෝ විතක්කේන සමප්පිතෝ
තණ්හාමූලේනානුගතෝ මෝහච්ඡදනඡාදිතෝ

573. පංච නීවරණවලින් යුක්තව ලාමක විතර්ක පිරිවරාගෙන ඉන්නෙ. තෘෂ්ණාවෙන් මුල් ඇදලයි තියෙන්නෙ. මේ ශරීරය නමැති ගෙය සෙවිලි කරල තියෙන්නෙ මෝහය නමැති අතු ඉති වලින්.

574. ඒවායං වත්තතේ කායෝ කම්මයන්තේන යන්තිතෝ
සම්පත්ති ච විපත්ත්‍යන්තා නානාභාවෝ විපජ්ජති

574. මේ විදිහට තිබෙන මේ ජීවිතය වැඩකරන්නෙ කර්මය නමැති එන්ජිමෙනුයි. සම්පතින් හෝ විපතින් අවසන් වෙනවා. පෙනෙන්නට තිබෙන්නෙ වෙනස් වීමමයි.

575. යේමං කායං මමායන්ති අන්ධබාලා පුථුජ්ජනා
වඩ්ඪෙන්ති කටසිං ඝෝරං ආදියන්ති පුනබ්භවං

575. ඒ විදිහෙ කයක් මගෙයි කියලා සලකන්ට පටන් ගත්තොත්, ඔවුන් අන්ධ බාල පෘථග්ජනයන්මයි. මේ භයානක වූ සංසාරයමයි වර්ධනය කරන්නෙ. ආයෙ ආයෙමත් භවයමයි හදාගන්නෙ.

576. යේමං කායං විවජ්ජෙන්ති ගූථලිත්තං’ව පන්නගං
භවමූලං වමිත්වාන පරිනිබ්බන්ත්‍යනාසවා

576. ඉතින් මේ ශරීරය අශූචි තැවරුණු විෂඝෝර සර්පයෙක් වගේ දැකලා දුරු කළොත් අන්න ඒ උදවිය භවය මුලින්ම උදුරල දාල පිරිනිවන් පානවා.

ඉත්ථං සුදං ආයස්මා කප්පෝ ථේරෝ ගාථායෝ අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් චූල කප්ප නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවන්ය.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_10-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M