ඛුද්දක නිකාය

ථේර ගාථා

1.8.3. මාණවත්ථේරගාථා

1.8.3. මාණව තෙරුන්ගේ ගාථාව

73. ජිණ්ණං ච දිස්වා දුඛිතං ච බ්‍යාධිතං
මතං ච දිස්වා ගතමායුසංඛයං
තතෝ අහං නික්ඛමිතූන පබ්බජිං
පහාය කාමානි මනෝරමානී’ති.

73. ජරා ජීර්ණ වෙච්ච කෙනෙක් දැක්කට පස්සේ, දුක් විඳින ලෙඩෙක් දැක්කට පස්සේ, ආයුෂ ඉවර වෙලා මැරුණ කෙනෙක් දැක්කට පස්සේ, මං සිත බැඳෙන මේ පංචකාම සැපය අත්හැර දැම්මා. ගිහි ගෙය අත්හැරලා මහණ වුණා.

ඉත්ථං සුදං ආයස්මා මාණවෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මාණව නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-8-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M