ඛුද්දක නිකාය

ථේර ගාථා

1.8.2. ආතුමත්ථේරගාථා

1.8.2. ආතුම තෙරුන්ගේ ගාථාව

72. යථා කළීරෝ සුසු වඩ්ඪිතග්ගෝ
දුන්නික්ඛමෝ හෝති පසාඛජාතෝ
ඒවං අහං භරියායානීතාය
අනුමඤ්ඤ මං පබ්බජිතෝම්හි දානී’ති.

72. උණගොබේ අතුරිකිලි විහිදිලා එක පඳුරට වැඩුණට පස්සේ උදුරා දැමීම ලෙහෙසි දෙයක් නම් නොවේ. අන්න ඒ විදිහට ම මේ බිරින්දෑ ගෙදරට එක්කගෙන ආවේ මා විසින් ම යි. දැන් ඉතින් පැවිදි වෙන්න අවසර ගන්න එක ලේසි දෙයක් නම් නොවේ. ඒ වුණත් මම මහණ වුණා. අම්මේ, මෙය අනුමත කරන්න.

ඉත්ථං සුදං ආයස්මා ආතුමෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ආතුම නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-8-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M