ඛුද්දක නිකාය

ථේර ගාථා

1.8.10. උග්ගත්ථේරගාථා

1.8.10. උග්ග තෙරුන්ගේ ගාථාව

80. යං මයා පකතං කම්මං අප්පං වා යදි වා බහුං
සබ්බමේතං පරික්ඛීණං නත්ථි දානි පුනබ්භවෝ’ති.

80. සුළුවෙන් හෝ ලොකුවට හෝ මං කරගත්තු කර්ම තිබුණා නම් දැන් ඒ ඔක්කොම කර්ම ඉවරයි. දැන් ඉතින් මට ආයෙමත් පුනර්භවයක් නෑ.

ඉත්ථං සුදං ආයස්මා උග්ගෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් උග්ග නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

අට්ඨමෝ වග්ගෝ.

අටවෙනි වර්ගය නිමා විය.

තස්සුද්දානං –

වච්ඡපාලෝ ච යෝ ථේරෝ ආතුමෝ මාණවෝ ඉසි
සුයාමෝ ච සුසාරදෝ ථේරෝ යෝ ච පියඤ්ජහෝ
ආරෝහපුත්තෝ මෙණ්ඩසිරෝ රක්ඛිතෝ උග්ගසව්හයෝ’ති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-8-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M