ඛුද්දක නිකාය

ථේර ගාථා

1.7.9. ඡන්නත්ථේරගාථා

1.7.9. ඡන්න තෙරුන්ගේ ගාථාව

69. සුත්වාන ධම්මං මහතෝ මහාරසං
සබ්බඤ්ඤූතඤ්ඤාණවරේන දේසිතං
මග්ගං පපජ්ජිං අමතස්ස පත්තියා
සෝ යෝගක්ඛේමස්ස පථස්ස කෝවිදෝ’ති.

69. උතුම් සම්බුදු නුවණින් වදාළ මේ ධර්මයේ පුදුමාකාර රසයක් තියෙන්නෙ. පුදුම වටිනාකමක් තියෙන්නෙ. ඒ උතුම් ධර්මය අසාගෙනයි මං පිළිපැද්දේ. අමා නිවන් දකින අදහස විතරයි මට තිබුණේ. අපගේ බුදුසමිඳාණෝ පුදුමාකාර දක්ෂකමකිනුයි මේ නිවන් මග පෙන්වා දෙන්නේ.

ඉත්ථං සුදං ආයස්මා ඡන්නෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ඡන්න නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-7-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M