ඛුද්දක නිකාය

ථේර ගාථා

1.7.6. මේඝියත්ථේරගාථා

1.7.6. මේඝීය තෙරුන්ගේ ගාථාව

66. අනුසාසි මහාවීරෝ සබ්බධම්මානපාරගූ
තස්සාහං ධම්මං සුත්වාන විහාසිං සන්තිකේ සතෝ
තිස්සෝ විජ්ජා අනුප්පත්තා කතං බුද්ධස්ස සාසන’න්ති.

66. ලෝකයේ ඇති හැමදෙයක් ම අවබෝධ කළ, මහා වීරියකින් යුතු බුදු සමිඳාණෝ මට අවවාද කළ සේක. ඒ උතුම් දහම මා හොඳින් හිතට ගත්තා. ඊට පස්සේ හොඳින් සිහිය පිහිටුවා ගත්තා. උන්වහන්සේ සමීපයේ ම යි මං සිටියේ. ත්‍රිවිද්‍යාව ලබා ගන්ට මටත් පුළුවන් වුණා. බුද්ධශාසනය සම්පූර්ණ කරන්ට මටත් පුළුවන් වුණා.

ඉත්ථං සුදං ආයස්මා මේඝියෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මේඝීය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-7-6/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M