ඛුද්දක නිකාය

ථේර ගාථා

1.5.3. සුමංගලත්ථේරගාථා

1.5.3. සුමංගල තෙරුන්ගේ ගාථාව

43. සුමුත්තිකෝ සුමුත්තිකෝ සාහු සුමුත්තිකෝම්හි තීහි ඛුජ්ජකේහි
අසිතාසු මයා නංගලාසු මයා කුද්දාලාසු මයා
යදිපි ඉධමේව ඉධමේව අථවා පි අලමේව අලමේව
ඣාය සුමංගල ඣාය සුමංගල අප්පමත්තෝ විහර සුමංගලා’ති.

43. මිදුණ එක ම යි හොඳ. මිදුණ එක ම යි හොඳ. තුන් කුදෙන් ම මිදුණ එක ම යි හොඳ. දෑ කැතිවලිනුත් මිදුණා. නගුල්වලිනුත් මිදුණා. උදුලුවලිනුත් මිදුණා. දැන් ඒවායින් ඕන ම දෙයක් මෙහි තිබුණත්, ඔව්! මෙහි තිබුණත් මට නම් වැඩක් නෑ. ඔව්! වැඩක් නෑ ම යි. පින්වත් සුමංගල, ධ්‍යාන ම වඩන්න. පින්වත් සුමංගල, ධ්‍යාන ම වඩන්න. පින්වත් සුමංගල පමා නො වී ධර්මයේ ම හැසිරෙන්න.

ඉත්ථං සුදං ආයස්මා සුමංගලෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් සුමංගල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-5-3/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M