ඛුද්දක නිකාය

ථේර ගාථා

1.5.2. ඛදිරවනියරේවතත්ථේරගාථා

1.5.2. ඛදිරවනිය රේවත තෙරුන්ගේ ගාථාව

42. චාලේ උපචාලේ සිසූපචාලේ
පතිස්සතා නු ඛෝ විහරථ
ආගතෝ වෝ වාලං විය වේධී’ති.

42. පින්වත් චාල, උපචාල, සිසූපචාල සාමණේරවරුනි, ඔබ සිටින්නේ ඉතා හොඳින් සිහිය පිහිටුවා ගෙන නේද? ඔන්න දැන් ඔබේ මාමණ්ඩිය වූ සැරියුත් තෙරණුවෝ මෙහි වැඩියා. උන්වහන්සේ දක්ෂ දුනුවායෙකුටත් වඩා තියුණු නුවණැති කෙනෙක්.

ඉත්ථං සුදං ආයස්මා ඛදිවනියෝ රේවතෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ඛදිරවනිය රේවත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-5-2/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M