ඛුද්දක නිකාය

ථේර ගාථා

1.5.10. විමලත්ථේරගාථා

1.5.10. විමල තෙරුන්ගේ ගාථාව

50. ධරණී ච සිඤ්චති වාති මාලුතෝ විජ්ජුතා චරති නභේ
උපසමන්ති විතක්කා චිත්තං සුසමාහිතං මමා’ති.

50. පොළොවෙත් තෙමෙනවා. සීතලට සුළඟත් හමනවා. ආකාසේ විදුලියත් කොටනවා. මගේ සිතේ විතර්කයනුත් සංසිඳී යනවා. ඉතා හොඳින් සිත සමාධිමත් වී යනවා.

ඉත්ථං සුදං ආයස්මා විමලෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් විමල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

පඤ්චමෝ වග්ගෝ.

පස්වෙනි වර්ගය නිමා විය.

තස්සුද්දානං –

සිරිවඩ්ඪෝ රේවතෝ ථේරෝ සුමංගලෝ සානුසව්හයෝ
රමණීයවිහාරී ච සමිද්ධිඋජ්ජයසඤ්ජයා
රාමණෙය්‍යෝ ච සෝ ථේරෝ විමලෝ ච රණඤ්ජහෝ’ති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-5-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M