ඛුද්දක නිකාය

ථේර ගාථා

1.6.1. ගෝධිකත්ථේරගාථා

1.6.1. ගෝධික තෙරුන්ගේ ගාථාව

51. වස්සති දේවෝ යථා සුගීතං
ඡන්නා මේ කුටිකා සුඛා නිවාතා
චිත්තං සුසමාහිතං ච මය්හං
අථ චේ පත්ථයසි පවස්ස දේවා’ති.

51. සුන්දර ගීතයක් වගේ ම යි මේ වැස්ස ඇද හැලෙන්නේ. සෙවිලි කළ මේ කුටියත් හරි සනීපයි. ජනේලයත් වහල තියෙන්නෙ. මගේ සිත ඉතා හොඳට සමාධිමත් වෙනවා. ඉතින් වැහි වළාකුල, ඕනෑ තරම් වැසි වසින්න.

ඉත්ථං සුදං ආයස්මා ගෝධිකෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ගෝධික නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-6-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M