ඛුද්දක නිකාය

ථේර ගාථා

1.4.9. තිස්සත්ථේරගාථා

1.4.9. තිස්ස තෙරුන්ගේ ගාථාව

39. සත්තියා විය ඕමට්ඨෝ ඩය්හමානෝ’ව මත්ථකේ
කාමරාගප්පහානාය සතෝ භික්ඛු පරිබ්බජේ’ති.

39. ආයුධයෙන් පහර ලැබුණ කෙනෙක් වහ වහා බෙහෙත් සොයා ගෙන යනව වගේ, හිස ගිනි ගත්ත කෙනා වහ වහා ඒ ගින්න නිවන විදිහට ම යි මහන්සි වෙන්ට ඕනෙ. භික්ෂුවත් ඉතා හොඳින් සිහිය පිහිටුවාගෙන මේ කාමරාගය නැති කර දමන්නට මහන්සි වෙන්ට ඕනෙ.

ඉත්ථං සුදං ආයස්මා තිස්සෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් තිස්ස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M