ඛුද්දක නිකාය

ථේර ගාථා

1.4.8. ගවම්පතිත්ථේරගාථා

1.4.8. ගවම්පති තෙරුන්ගේ ගාථාව

38. යෝ ඉද්ධියා සරභුං අට්ඨපේසි
සෝ ගවම්පතී අසිතෝ අනේජෝ
තං සබ්බසංගාතිගතං මහාමුනිං
දේවා නමස්සන්ති භවස්ස පාරගු’න්ති.

38. ඔහුට පුළුවන් වුණා ‘සරභූ’ නම් ගංගාවේ ගලා බැසීම ඍද්ධි බලයෙන් නවත්වන්නට. ඒ ගවම්පති භික්ෂුව ඉන්නෙ කෙලෙස් නැතිවයි. තණ්හා නැතිවයි. කෙලෙස් ඉක්මවා ගිහින් ඉන්නෙ. භවයෙන් එතෙර වෙලා ඉන්නෙ. ඒ මහා මුනිවරයාට වඳින්න දෙවියනුත් පැමිණෙනවා.

ඉත්ථං සුදං ආයස්මා ගවම්පතිත්ථේරෝ ගාථාං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ගවම්පති නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M