ඛුද්දක නිකාය

ථේර ගාථා

1.2.9. කුණ්ඩලත්ථේරගාථා

1.2.9. කුණ්ඩල තෙරුන්ගේ ගාථාව

19. උදකං හි නයන්ති නෙත්තිකා උසුකාරා නමයන්ති තේජනං
දාරුං නමයන්ති තච්ඡකා අත්තානං දමයන්ති සුබ්බතාති.

19. වතුර ගෙන යන උදවියට තමන් කැමති පරිදි වතුර ගෙන යන්ට පුළුවන්. හී වඩුවන්ටත් පුළුවනි කැමති පරිද්දෙන් ඊ තල නමා ගන්නට. තමාගේ කැමැත්ත පරිදි ලී දඬු නමා ගන්නට ලී වඩුවන්ටත් පුළුවනි. අන්න ඒ ආකාරයෙන් ම තමන්ව කැමති පරිදි දමනය කරගන්නට සත්පුරුෂයින්ට පුළුවනි.

ඉත්ථං සුදං ආයස්මා කුණ්ඩලෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් කුණ්ඩල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-2-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M