ඛුද්දක නිකාය

ථේර ගාථා

1.2.7. දාසකත්ථේරගාථා

1.2.7. දාසක තෙරුන්ගේ ගාථාව

17. මිද්ධි යදා හෝති මහග්ඝසෝ ච
නිද්දායිතා සම්පරිවත්තසායී
මහාවරාහෝ’ව නිවාපපුට්ඨෝ
පුනප්පුනං ගබ්භමුපේති මන්දෝ’ති.

17. අඥාන කෙනා නිදිමතින් පීඩා විඳ විඳ බඩ ම පුරවා ගැනීමට යි බොහෝ ආහාර අරගන්නේ. ඊට පස්සේ කරන්නේ ඒ මේ අතට පෙරළි පෙරළි නිදාගැනීම යි. ඌරු බත් කාල තර වුණ ඌරෙකුගේ ජීවිතයක් වගෙයි. ඔහුට සිදුවන්නේ ආයෙමත් මව්කුසට රිංගන්නට යි.

ඉත්ථං සුදං ආයස්මා දාසකෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් දාසක නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-2-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M