ඛුද්දක නිකාය

ථේර ගාථා

1.12.9. වජ්ජිපුත්තත්ථේරගාථා

1.12.9. වජ්ජිපුත්ත තෙරුන්ගේ ගාථාව

119. රුක්ඛමූලගහනං පසක්කිය
නිබ්බානං හදයස්මිං ඕපිය
ඣාය ගෝතම මා ච පාමදෝ
කිං තේ බිලිබිලිකා කරිස්සතී’ති.

119. ගස් සෙවන ඇති වනයට ගිය විට හදවතේ නිවන ම තබාගන්න. පින්වත් ගෞතමය, ධ්‍යාන වඩන්න. පමා වෙන්න එපා! වනයේ ඉන්න ඔය කුරුළු කොබෙයියන්ගේ බිලි බිලි හඬින් ඔබට ඇති ඵලය කුමක් ද?

ඉත්ථං සුදං ආයස්මා වජ්ජිපුත්තෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් වජ්ජිපුත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-12-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M