ඛුද්දක නිකාය

ථේර ගාථා

1.12.10. ඉසිදත්තත්ථේරගාථා

1.12.10. ඉසිදත්ත තෙරුන්ගේ ගාථාව

120. පඤ්චක්ඛන්ධෝ පරිඤ්ඤාතා තිට්ඨන්ති ඡින්නමූලකා
දුක්ඛක්ඛයෝ අනුප්පත්තෝ පත්තෝ මේ ආසවක්ඛයෝ’ති.

120. මේ පංච උපාදානස්කන්ධ දුක ගැන පූර්ණ අවබෝධයක් ඇති කරගන්නට පුළුවන් වුණා. ඒ නිසා දැන් තියෙන්නෙ මුල් ගැලවිච්ච ස්කන්ධ විතරයි. හැම දුකක් ම නැති වුණා. නිවනට පත්වුණා. මාත් අරහත්වය ලබාගත්තා.

ඉත්ථං සුදං ආයස්මා ඉසිදත්තෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් ඉසිදත්ත නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

වග්ගෝ ද්වාදසමෝ.

දොළොස්වෙනි වර්ගය නිමා විය.

තස්සුද්දානං –

ජෙන්තෝ ච වච්ඡගොත්තෝ ච වච්ඡෝ ච වනසව්හයෝ
අධිමුත්තෝ මහානාමෝ පාරාසරියෝ යසෝ පි ච
කිම්බිලෝ වජ්ජිපුත්තෝ ච ඉසිදත්තෝ මහාසයෝ’ති.

තත්‍රැද්දානං –

වීසුත්තරසතං ථේරා කතකිච්චා අනාසවා
ඒකකේව නිපාතම්හි සුසංගීතා මහේසිභී’ති.

ඒකක නිපාතෝ නිට්ඨිතෝ.

පළමු නිපාතය නිමා විය.

(එක ගාථාව බැගින් වදාළ කොටස නිමා විය)

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-12-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M