ඛුද්දක නිකාය

ථේර ගාථා

1.12.8. කිම්බිලත්ථේරගාථා

1.12.8. කිම්බිල තෙරුන්ගේ ගාථාව

118. අභිසන්ථෝව නිපතති
වයෝ රූපං අඤ්ඤමිව තථේව සන්තං
තස්සේව සතෝ අවිප්පවසතෝ
අඤ්ඤස්සේව සරාමි අත්තාන’න්ති.

118. අටවා තිබුණ දෙයක් බිම වැටෙන පරිද්දෙනුයි මේ තරුණකම ඇද වැටෙන්නේ. ඔව්! මේ පෙනෙන්නට තියෙන රූපය අනුන්ගේ දෙයක් වගෙයි. මේ රූපය ගැන මගේ සිතේ ඇල්මක් නෑ. මං නුවණින් විමසන්නෙ වෙන කෙනෙකුගේ දෙයක් දිහා බලනවා වගේ.

ඉත්ථං සුදං ආයස්මා කිම්බිලෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් කිම්බිල නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-12-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M