ඛුද්දක නිකාය

ථේර ගාථා

1.11.1. බේලට්ඨානිකත්ථේරගාථා

1.11.1. බේලට්ඨානික තෙරුන්ගේ ගාථාව

101. හිත්වා ගිහිත්තං අනවෝසිතත්තෝ
මුඛනංගලී ඕදරිකෝ කුසීතෝ
මහාවරාහෝ’ව නිවාපපුට්ඨෝ
පුනප්පුනං ගබ්භමුපේති මන්දෝ

101. යම් කෙනෙක් ගිහි ජීවිතය අත්හැරියත් ඔහු නිවන් මගේ ගමන් කරන්නේ නැතිනම්, නගුලක් වගේ මුඛයක් හදාගෙන බඩ ම පුරවමින් සිටී නම්, ඒ කම්මැලියාගේ ජීවිතය ඌරු බත් කාපු මහා ඌරෙකුගේ ජීවිතය වගේ ම යි. ඒ මෝඩයා යළි යළිත් ගර්භාෂයක උපදින්නට එනවා ම යි.

ඉත්ථං සුදං ආයස්මා බේලට්ඨානිකෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් බේලට්ඨානික නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-11-1/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M