ඛුද්දක නිකාය

ථේර ගාථා

1.10.10. දේවසභත්ථේරගාථා

1.10.10. දේවසභ තෙරුන්ගේ ගාථාව

100. සම්මප්පධානසම්පන්නෝ සතිපට්ඨානගෝචරෝ
විමුත්තිකුසුමසඤ්ඡන්නෝ පරිනිබ්බිස්සත්‍යනාසවෝ’ති.

100. සතර සම්‍යක්ප්‍රධාන වීර්යයෙන් යුක්තවයි ඔහු ඉන්නේ. ඔහු අරමුණු කර තියෙන්නේ සතර සතිපට්ඨානය යි. ඔහු සැරසී සිටින්නේ විමුක්තිය නැමැති මල් වලින්. අන්න ඒ භික්ෂුව නිකෙලෙස් ව පිරිනිවන් පානු ඇත.

ඉත්ථං සුදං ආයස්මා දේවසභෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් දේවසභ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

දසමෝ වග්ගෝ.

දසවෙනි වර්ගය නිමා විය.

තස්සුද්දානං –

පරිපුණ්ණකෝ ච විජයෝ ඒරකෝ මෙත්තජී මුනි
චක්ඛුපාලෝ ඛණ්ඩසුමනෝ තිස්සෝ ච අභයෝ තථා
උත්තියෝ ච මහාපඤ්ඤෝ ථේරෝ දේවසභෝ පි චා’ති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-10-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M