ඛුද්දක නිකාය

ථේර ගාථා

1.10.9. උත්තියත්ථේරගාථා

1.10.9. උත්තිය තෙරුන්ගේ ගාථාව

99. සද්දං සුත්වා සති මුට්ඨා පියනිමිත්තං මනසිකරෝතෝ
සාරත්තචිත්තෝ වේදේති තං ච අජ්ඣෝස තිට්ඨති
තස්ස වඩ්ඪන්ති ආසවා සංසාරමුපගාමිනෝ’ති.

99. කනෙන් ශබ්දයක් ඇහුවට පස්සේ ඒ ශබ්දය ගැන සිහි මුලා වුණොත් සිහි කරන්නට තියෙන්නේ ප්‍රිය සටහන් විතරයි. එතකොට ආසාවෙන් ම යි ඒක විඳින්නෙ. ඒ ශබ්දයේ ම හිත බැසගන්නවා. එතකොට සංසාරෙට ම අරගෙන යන ආශ්‍රවයන් විතරයි ඔහු තුළ වැඩෙන්නෙ.

ඉත්ථං සුදං ආයස්මා උත්තියෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් උත්තිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-10-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M