ඛුද්දක නිකාය

ථේර ගාථා

1.10.8. අභයත්ථේරගාථා

1.10.8. අභය තෙරුන්ගේ ගාථාව

98. රූපං දිස්වා සති මුට්ඨා පියනිමිත්තං මනසිකරෝතෝ
සාරත්තචිත්තෝ වේදේති තං ච අජ්ඣෝස තිට්ඨති
තස්ස වඩ්ඪන්ති ආසවා භවමූලා භවගාමිනෝ’ති.

98. ඇසින් රූපයක් දැක්කට පස්සේ ඒක ගැන සිහිය මුළා වුණොත් සිහිකරන්ට තියෙන්නේ ප්‍රිය සටහන් විතරයි. එතකොට අසාවෙන් ම යි ඒක විඳින්නේ. ඒ රූපයේ ම හිත බැස ගන්නවා. එතකොට භව දුකට මුල් වුණ භව දුක කරා ම ගෙනියන ආශ්‍රවයන් තමයි ඔහු තුළ වැඩෙන්නේ.

ඉත්ථං සුදං ආයස්මා අභයෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් අභය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-10-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M