ඛුද්දක නිකාය

ථේර ගාථා

1.1.9. පිළින්දිවච්ඡත්ථේරගාථා

1.1.9. පිළින්දිවච්ඡ තෙරුන්ගේ ගාථාව

9. ස්වාගතං න දුරාගතං නයිදං දුමන්තිතං මම
සංවිභත්තේසු ධම්මේසු යං සෙට්ඨං තදුපාගමින්ති

9. බුදු සසුන වෙත පැමිණීමෙන් මට සිදුවුණේ යහපතක් ම යි. මේ පැමිණීම අයහපත් දෙයක් නම් නොවේ. මං මේ පවසන්නේ වැරදි මතයක් නොවේ. ඉතා පැහැදිලි ලෙස කරුණු පෙන්වා දෙන සද්ධර්මය තුළ යම් උතුම් අමා නිවනක් වේ නම් මං පත් වුණේ ඒ උතුම් නිවනට යි.

ඉත්ථං සුදං ආයස්මා පිළින්දවච්ඡෝ ථේරෝ ගාථාං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් පිළින්දිවච්ඡ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-1-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M