ඛුද්දක නිකාය

ථේර ගාථා

1.1.10. පුණ්ණමාසත්ථේරගාථා

1.1.10. පුණ්ණමාස තෙරුන්ගේ ගාථාව

10. විහරි අපෙක්ඛං ඉධ වා හුරං වා
යෝ වේදගූ සමිතෝ යතත්තෝ
සබ්බේසු ධම්මේසු අනූපලිත්තෝ
ලෝකස්ස ධඤ්ඤා උදයබ්බයඤ්ඤා’ති.

10. ඒ භික්ෂුව සද්ධර්මයේ පරතෙරට ම ගියා. ඔහු ශාන්තයි. දමනය වූ සිතින් යුක්තයි. ඔහු තමා ගැනත් අනුන් ගැනත් තිබුණ හැම ආශාවක් ම දුරු කරගත්තා. කිසිම දෙයක් ගැන ඔහු තුළ ඇලීමක් නෑ. දැන් ඒ භික්ෂුවට උපදින වැනසෙන ලෝකය ගැන හොඳ අවබෝධයක් තියෙනවා.

ඉත්ථං සුදං ආයස්මා පුණ්ණමාසෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් පුණ්ණමාස නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

පඨමෝ වග්ගෝ.

පළමු වර්ගය නිමා විය.

තස්සුද්දානං –

සුභූති කොට්ඨිතෝ ථේරෝ කංඛාරේවතසම්මතෝ
මන්තාණිපුත්තෝ දබ්බෝ ච සීතවනියෝ ච භල්ලියෝ
වීරෝ පිළින්දවච්ඡෝ ච පුණ්ණමාසෝ තමෝනුදෝ’ති.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-1-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M