ඛුද්දක නිකාය

ථේර ගාථා

1.1.7. භල්ලියත්ථේරගාථා

1.1.7. භල්ලිය තෙරුන්ගේ ගාථාව

7. යෝපානුදී මච්චුරාජස්ස සේනං
නළසේතුං ව සුදුබ්බලං මහෝඝෝ
විජිතාවී අපේතභේරවෝ හි
දන්තෝ සෝ පරිනිබ්බුතෝ ඨිතත්තෝ’ති

7. ඔහු මාර සේනාව බැහැර කෙරුවේ මහා සැඩ පහරකින් ඒදණ්ඩක් කැඩී බිඳී යන ආකාරයෙන්. කෙලෙස් සටනින් ඔහුට ජය ලැබුණා. කිසිම බියක් තැතිගැනීමක් දැන් එයා ළඟ නෑ. එයා දමනය වෙලා ඉන්නේ සද්ධර්මය තුළයි. සිත නිවනෙහි පිහිටුවාගෙන සිටින ඒ භික්ෂුව පිරිනිවී යාවි.

ඉත්ථං සුදං ආයස්මා භල්ලියෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් භල්ලිය නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-1-7/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M