ඛුද්දක නිකාය

ථේර ගාථා

1.1.5. දබ්බත්ථේරගාථා

1.1.5. දබ්බ තෙරුන්ගේ ගාථාව

5. යෝ දුද්දමියෝ දමේන දන්තෝ දබ්බෝ සන්තුසිතෝ විතිණ්ණකංඛෝ
විජිතාවී අපේතභේරවෝ හි දබ්බෝ සෝ පරිනිබ්බුතෝ ඨිතත්තෝ’ති.

5. පුරිසදම්මසාරථී වූ මුනිඳාණන් විසින් දමනය කරන ලද්දේ හික්මවීමට අසීරු කෙනෙක්වයි. දැන් ඔහු සිටින්නේ පුදුමාකාර සතුටින්. සැක සංකාවෙන් ද තොරවයි. කෙලෙස් සටනින් එයාට ජය ලැබුණා. බිය තැති ගැනීම් කිසිවක් නැති ඒ ‘දබ්බ’ භික්ෂුව තම සිත නිවනෙහි පිහිටුවාගෙන පිරිනිවී යාවි.

ඉත්ථං සුදං ආයස්මා දබ්බෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් දබ්බ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-1-5/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M