ඛුද්දක නිකාය

ථේර ගාථා

1.1.4. පුණ්ණත්ථේරගාථා

1.1.4. පුණ්ණ තෙරුන්ගේ ගාථාව

4. සබ්භිරේව සමාසේථ පණ්ඩිතේහත්ථදස්සිභි
අත්ථං මහන්තං ගම්භීරං දුද්දසං නිපුණං අණුං
ධීරා සමධිගච්ඡන්ති අප්පමත්තා විචක්ඛණා’ති.

4. ඇසුරු කළ යුත්තේ යහපත පෙන්වා දෙන නැණවත් සත්පුරුෂයන්වයි. ඔවුන්ගේ නුවණ ඉතා ම සියුම්. නොපමාව දහමේ හැසිරෙන, ඒ නුවණැති සත්පුරුෂයන් අවබෝධ කරගෙන තිබෙන්නේ පරම ගම්භීර වූ දැකීමට දුෂ්කර වූ සූක්ෂම අර්ථය වන චතුරාර්ය සත්‍යය යි.

ඉත්ථං සුදං ආයස්මා පුණ්ණෝ මන්තාණිපුත්තෝ ථේරෝ ගාථං අභාසිත්ථා’ති.

මෙය වනාහී ආයුෂ්මත් මන්තානිපුත්ත පුණ්ණ නම් රහත් මුනිඳුන් වදාළ ගාථාවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn5_1-1-4/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M