ඛුද්දක නිකාය

පේතවත්ථු

4.9. ගූථඛාදක පේත වත්ථු

4.9. ගූථඛාදක ප්‍රේත වස්තුව

783. ගූථකූපතෝ උග්ගන්ත්වා කා නු දීනා හි තිට්ඨසි
නිස්සංසයං පාපකම්මන්තා කින්නු සද්දහසේ තුවං

783. අසුචිවලෙන් ගොඩට ඇවිදින් දීන විදිහට ඉන්න ඔබ කවුද? මොන වගේ පාපකර්මයක්ද ඔබ කළේ? මං කොහොමද සැකක් නැතුව ඔබව විශ්වාස කරන්නෙ?

784. අහං භද්දන්ත පේතීම්හි දුග්ගතා යමලෝකිකා
පාපකම්මං කරිත්වාන පේතලෝකමිතෝ ගතා

784. අනේ ස්වාමීනි, මං පෙරේතියක්. දුකට පත්වෙලයි ඉන්නෙ. පෙරේත ලෝකෙ ඉපදිලයි ඉන්නෙ. පව්කම් කරල පෙරේත ලෝකෙට ඇවිල්ලයි ඉන්නෙ.

785. කින්නු කායේන වාචාය මනසා දුක්කටං කතං
කිස්ස කම්මවිපාකේන ඉදං දුක්ඛං නිගච්ඡසි

785. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකට පත් වුනේ?

786. අහු ආවාසිකෝ මය්හං ඉස්සුකී කුලමච්ඡරී
අජ්ඣාසිතෝ මය්හං ඝරේ කදරියෝ පරිහාසකෝ

786. මගේ ගෙදර ආවාසයේ භික්ෂුවක් හිටියා. හරිම ඊර්ෂ්‍යයි. දායක පවුල්වලට මසුරුයි. මගේ ගෙදර ගැනමයි හිත බැසගෙන තියෙන්නෙ. කැදරයි. සිල්වතුන්ට ගරහනවා.

787. තස්සාහං වචනං සුත්වා භික්ඛවෝ පරිභාසිසං
තස්ස කම්මවිපාකේන පේතලෝකමිතෝ ගතා

787. මං ඇහුවේ ඒ භික්ෂුව ගේ වචන. ඉතින් මං සිල්වත් භික්ෂූන් වහන්සේලාට නින්දා අපහාස කළා. අන්න ඒ කර්මයේ විපාකයෙන් තමයි එහෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ.

788. අමිත්තෝ මිත්තවණ්ණේන යෝ තේ ආසි කුලූපකෝ
කායස්ස භේදා දුප්පඤ්ඤෝ කින්නු පෙච්ච ගතිං ගතෝ

788. මිතුරෙකුගේ වේශයෙන් ඔබත් එක්ක කුලුපග වෙලා හිටපු ඒ මිතුරු නොවන භික්ෂුවක් ඇද්ද, ඒ අඥාන පුද්ගලයා කය බිඳුනට පස්සෙ පරලොව ගියේ මොන වගේ උපතකටද?

789. තස්සේවාහං පාපකම්මස්ස සීසේ තිට්ඨාමි මත්ථකේ
සෝ ච පරවිසයං පත්තෝ මමේව පරිචාරකෝ

789. ඒ පව් කරපු ශ්‍රමණ පෙරේතයාගේ ඔළුව උඩ තමයි මං ඉන්නෙ. ඒ තැනැත්තා දැන් පෙරේත ලෝකයේ ජීවත් වෙන්නේ මගේ ගෝලයෙක් හැටියටයි.

790. යං භද්දන්ත භදන්තඤ්ඤේ ඒතං මේ හෝති භෝජනං
අහං ච ඛෝ යං භදාමි ඒතං සෝ උපජීවතී‘ති.

790. ස්වාමීනි, මගේ භෝජනය මේකයි. අනෙක් උදවිය වැසිකිළි කරද්දි ඒ අසූචි මං කනවා. මං වැසිකිළි කරද්දි මගේ අසුචි තමයි ඒ ශ්‍රමණ පෙරේතයා කන්නෙ.

සාදු! සාදු!! සාදු!!!

ගූථඛාදකපේතිවත්ථු නවමං.

නව වෙනි ගූථඛාදක ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-9/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M