775. අසුචිවලෙන් ගොඩට ඇවිදින් දීන විදිහට ඉන්න ඔබ කවුද? මොන වගේ පාපකර්මයක්ද ඔබ කළේ? මං කොහොමද සැකක් නැතුව ඔබව විශ්වාස කරන්නෙ?
776. අනේ ස්වාමීනි, මං පෙරේතයෙක්. දුකට පත්වෙලයි ඉන්නෙ. පෙරේත ලෝකෙ ඉපදිලයි ඉන්නෙ. පව්කම් කරල පෙරේත ලෝකෙට ඇවිල්ලයි ඉන්නෙ.
777. ඔබ විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කරගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මේ වගේ දුකකට පත් වුනේ?
778. මගේ ගෙදර ආවාසයේ භික්ෂුවක් හිටියා. හරිම ඊර්ෂ්‍යයි. දායක පවුල්වලට මසුරුයි. මගේ ගෙදර ගැනමයි හිත බැසගෙන තියෙන්නෙ. කැදරයි. සිල්වතුන්ට ගරහනවා.
779. මං ඇහුවේ ඒ භික්ෂුවගේ වචන. ඉතින් මං සිල්වත් භික්ෂුන් වහන්සේලාට නින්දා අපහාස කළා. අන්න ඒ කර්මයේ විපාකයෙන් තමයි එහෙන් චුත වෙලා පෙරේත ලෝකෙට ආවේ.
780. මිතුරෙකුගේ වේශයෙන් ඔබත් එක්ක කුලුපග වෙලා හිටපු ඒ මිතුරු නොවන භික්ෂුවක් ඇද්ද, ඒ අඥාන පුද්ගලයා කය බිඳුනට පස්සෙ පරලොව ගියේ මොන වගේ උපතකටද?
781. ඒ පව් කරපු ශ්‍රමණ පෙරේතයාගේ ඔළුව උඩ තමයි මං ඉන්නෙ. ඒ තැනැත්තා දැන් පෙරේත ලෝකයේ ජීවත් වෙන්නේ මගේ ගෝලයෙක් හැටියටයි.
782. ස්වාමීනි, මගේ භෝජනය මේකයි. අනෙක් උදවිය වැසිකිළි කරද්දි ඒ අසූචි මං කනවා. මං වැසිකිළි කරද්දි මගේ අසුචි තමයි ඒ ශ්‍රමණ පෙරේතයා කන්නෙ.
සාදු! සාදු!! සාදු!!!
අටවෙනි ගූථඛාදක ප්‍රේත වස්තුවයි.
ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-8/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M