ඛුද්දක නිකාය

පේතවත්ථු

4.10. ගණ පේත වත්ථු

4.10. ගණ ප්‍රේත වස්තුව

791. නග්ගා දුබ්බණ්ණරූපාත්ථ කිසා ධමනිසන්ථතා
උප්ඵාසුලිකා කිසිකා කේ නු තුම්හෙත්ථ මාරිසා

791. ඔයාලගේ ඇඟේ නුල් පොටක් නෑ. හරිම විරූපියි. කෙට්ටුයි. නහරවැල් පෑදිලා තියෙනවා. ඉලඇට ඉලිප්පිලා තියෙනවා. කෙට්ටු සිරුරක්. මෙතැන ඉන්න ඔය පිරිස කවුද?

792. මයං භද්දන්ත පේතාම්හා දුග්ගතා යමලෝකිකා
පාපකම්මං කරිත්වාන පේතලෝකමිතෝ ගතා

792. අනේ ස්වාමීනි, අපි මේ දුකේ වැටිල ඉන්නෙ. අපි යමලෝකෙ උපන් පෙරේතයෝ. අපගේ අතින් පව්කම් කෙරිල තමයි මනුස්ස ලෝකෙන් පෙරේත ලෝකෙට ගියේ.

793. කින්නු කායේන වාචාය මනසා දුක්කටං කතං
කිස්ස කම්මවිපාකේන පේතලෝකමිතෝ ගතා

793. ඔයාලා විසින් කයෙන් වචනයෙන් මනසින් මොන වගේ පවක්ද කර ගත්තෙ? මොන වගේ කර්මයක විපාකයක් නිසාද මිනිස් ලෝකෙන් පෙරේත ලෝකෙට ආවෙ?

794. අනාවටේසු තිත්ථේසු විචිනිම්හද්ධමාසකං
සන්තේසු දෙය්‍යධම්මේසු දීපං නාකම්හ අත්තනෝ

794. ශ්‍රමණබ්‍රාහ්මණ ආදී පින්තොටවල් වළක්වලා නොතිබෙද්දිත් අපි ඔවුන්ට දන් නොදීපු නිසා අඩමසක් තිස්සේ පිපාසයෙන් ඇවිද ඇවිද යනවා. දන්පැන්වලට දෙන්න දේවල් තිබෙද්දිත් තමන්ට පිහිට වෙන පින්කම් අපි කරගත්තෙ නෑ.

795. නදිං උපේම තසිතා රිත්තකා පරිවත්තති
ඡායං උපේම උණ්හේසු ආතපෝ පරිවත්තති

795. අපට හරියට පිපාසෙ හැදෙනවා. එතකොට අපි නදියට යනවා. අපට නදිය පෙනෙන්නෙ වතුර සිඳී ගිය වැලිතලාවක් වගේ. රස්නේ වැඩි නිසා අපි ගස් සෙවණට යනවා. එතකොට ඒ අව්ව ගහ යටට එනවා.

796. අග්ගිවණ්ණෝ ච නෝ වාතෝ දහන්තෝ උපවායති
ඒතඤ්ච භන්තේ අරහාම අඤ්ඤඤ්ච පාපකං තතෝ

796. හුළඟ හමන කොට මහා ගිනි රස්නෙකින් ඒ හුළඟ හමන්නෙ අපිව පුච්චගෙනයි. අනේ ස්වාමීනි, අපට මේ දුක ලැබෙන්ට සුදුසුයි. අපි ඔයිටත් වඩා පව් කරල තියෙනවා.

797. අධි යෝජනානි ගච්ඡාම ඡාතා ආහාරගේධිනෝ
අලද්ධාව නිවත්තේම අහෝ නෝ අප්පපුඤ්ඤතා

797. අපි බඩගින්දර උහුලගන්න බැරිව ආහාර ටිකක් කන්ට ආසාවෙන් බොහෝ යොදුන් ගණන් දුර යනවා. අපිට ලැබෙන්නෙ නෑ. අන්තිමේදි නවතිනවා. අයියෝ! අපේ මේ පින් නැතිකමමයි.

798. ඡාතා පමුච්ඡිතා භන්තා භූමියං පටිසුම්හිතා
උත්තානා පතිකිරාම අවකුජ්ජා පතාමසේ

798. අපි කෑම් බීම් නැතිකම නිසා ම පීඩා විඳිනවා. සිහිසන් නැතිව ඉන්නෙ. බිරාන්ත වෙලා අපිව බිම ඇඳගෙන වැටෙනවා. උඩු අතටත් වැටෙනවා. යටිකුරුවත් වැටෙනවා.

799. තේ ච තත්ථේව පතිතා භූමියං පටිසුම්භිතා
උරං සීසඤ්ච ඝට්ටේම අහෝ නෝ අප්පපුඤ්ඤතා

799. ඒ ගිය ගිය තැන පීඩාව නිසාම බිම ඇඳගෙන වැටෙනවා. එතකොට අපි වේදනාවෙන් ඔළුවට පපුවටත් ගහ ගන්නවා. අයියෝ! අපේ මේ පින් නැතිකමමයි.

800. ඒතඤ්ච භන්තේ අරහාම අඤ්ඤං ච පාපකං තතෝ
සන්තේසු දෙය්‍යධම්මේසු දීපං නාකම්හ අත්තනෝ

800. ස්වාමීනි, මේ විඳින දුකටත් එයිටත් වඩා පව්කාර දුක් විඳින්ටත් අපි සුදුසුයි. දානමානවලට දෙන්ට තරම් අපට වස්තුව තිබිලත් තමන්ට පිහිටක් ලැබෙන පින් කර ගත්තෙ නෑ.

801. තේ හි නූන ඉතෝ ගන්ත්වා යෝනිං ලද්ධාන මානුසිං
වදඤ්ඤූ සීලසම්පන්නෝ කාහාම කුසලං බහු‘න්ති.

801. ඒ අපි මේ පෙරේත ලෝකෙන් චුත වෙලා ආයෙමත් මනුස්ස ජීවිතයක් ලැබුවට පස්සෙ සම්මාදම් ඉල්ලන අයගේ අදහස් තේරුම් ගන්නවා. සිල්වත් වෙනවා. බොහෝ කුසල් රැස් කරනවා.

සාදු! සාදු!! සාදු!!!

ගණපේතවත්ථු දසමං.

දස වෙනි ගණ ප්‍රේත වස්තුවයි.

ධර්මදානය උදෙසා පාලි සහ සිංහල අන්තර්ගතය උපුටා ගැනීම https://mahamevnawa.lk/sutta/kn4_4-10/ වෙබ් පිටුවෙනි.
Ver.1.40 - Last Updated On 26-SEP-2020 At 03:14 P.M